දකුණු ආසියාව
අප ජීවත් වෙන ලෝකය ගත් විට දකුණු ආසියානු කලාපයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි, එයට හේතුව වී ඇත්තේ මෙම කලාපයේ පවතින භූගෝලීය පිහිටීම වෙනත් භූගෝලීය කලාප වලට වඩා බොහෝ සෙයින් වෙනස් වීමයි, මුහුදු මට්ටමේ පිහිටි සුන්දරබාන් වගුරැ බිමේ සිට එවරස්ට් කඳු මුදුන දක්වා මෙම භූගෝලීය කලාපය තුළ පිහිටීම භූගෝලීය විෂමතාවය මැනවින් පෙන්වා දෙනු ලබයි, හිම මිදෙන සීතලේ සිට උණුසුම් කාන්තාර දක්වාද , තණ බිම් වල සිට ඝන වනාන්තර දක්වා ද භූවිෂමතාවයෙන් යුත් මෙම කලාපයේ මානුෂ ක්රියාකාරකම් වලද කැපී පෙනෙන විවිධත්වයක් පෙන්වයි ,
දකුණු ආසියාවේ සාපේක්ෂ පිහිටීම ගත්විට උතුරින් හිමාල කඳු පන්තිය දකුණින් ඉන්දියන් සාගරයෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන්ද බටහිරින් අරාබි මුහුදින් ද මායිම්ව ඇත ,
දකුණු ආසියාවේ සිතියම් ගත කළ ඇති නිරපේක්ෂ පිහිටීම ගත් විට දළ වශයෙන් සමකය සිට උතුරු අක්ෂාංශ 38 ක් දක්වාත් නැගෙනහිර දේශාංශ 60 සිට 100 දක්වා පරාසයක විහිද ඇත.මෙය පෘථිවියේ සමස්ත භූමී ප්රමාණයෙන් 3% පමණය.
දකුණු ආසියා කලාපයට ඉන්දියාව, පකිස්ථානය ,නේපාලය ,බංගලාදේශය ,භූතානය ,මාලදිවයින සහ ශ්රී ලංකාව යන රටවල් අයත් වේ. එමෙන්ම නිකෝබාර් දූපත් අන්දමන් දූපත් ද පිහිටා ඇත්තේ දකුණු ආසියානු භූ ගෝලීය පිහිටිමෙය,
දකුණු ආසියාවේ ආසියා කලාපයේ පවත්වාගෙන යනු ලබන දේශපාලනික සංවිධානය සාක් යනුවෙන් හඳුන්වනු ලබන අතර මධ්යම ආසියාවට අයත් ඇෆ්ගනිස්තානය ද මේ සඳහා ඇතුළත් කර ඇත .
දකුණු ආසියානු කලාපීය රටවල අගනුවරවල් ලෙස බංග්ලාදේශය ඩකා ,පාකිස්තානයේ ඉස්ලාම්බාද් ,නේපාලයේ කත්මන්ඩු ,මාලදිවයිනේ මාලේ ,ඉන්දියාවේ නවදිල්ලි ,ශ්රී ලංකාවේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ සහා භූතානයේ තිම්පූ යන නගර දැක්විය හැකිය,
දකුණු ආසියානු කලාපයේ භූ දර්ශනය තුළ භෞතික සහ මානුෂිය වෙනස්වීම් මත මෙහි භූ ලක්ෂණප්රධාන කොටස් 06 බෙදා අධ්යයනය කළ හැකිය , ඒවා නං
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRKPC7JPEF6AtniQhuX54MlYsPIzSqLsUat7g&usqp=CAU
01කඳුකර භූ දර්ශනය
02නිම්න භූ දර්ශනය
03වෙරලබඩ භූ දර්ශනය
04 ග්රාමීය භූ දර්ශනය
05කාර්මික හා නාගරික භූ දර්ශනය
06කාන්තාර භූ දර්ශනය
ලෙස දැක්විය හැකිය
කඳුකර භූ දර්ශනය
දකුනු ආසියාවේ භූ ලක්ෂණ ගත් විට මාල දිවයින හැර අනිකුත් සියලුම රටවල කඳුකර භූ ලක්ෂණය දැකිය හැකිවේ.ඉන්දියාවේ හිමාලය පාකිස්තානය හින්දුකුෂ් සහ ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය මීට උදාහරණ ලෙස දැක්විය හැකිය ,
කඳුකර භූ ලක්ෂණය ගත්විට හිමාල කඳු පන්තියට විශේෂ ස්ථානයක් හිමිවේ, කඳුමුදුන් 14 කින් සමන්විත හිමාල කඳු පන්තිය කි.මී 2500 පමණ ප්රදේශයක පැතිරී ඇත, අතර මුහුදු මට්ටමේ සිට මීටර 8000පමණ උසකින් යුක්තය, ලොව පවතින උසම කදු මුදුන් 14 න් 9 යක්ම හිමාල කදු පන්තියට අයත් වේ, හිමාල කඳු පන්තියේ දේශගුණය ගත් විට සාමාන්‍ය දේශගුණ තත්ත්වය සිට ධ්රව ද්‍රව්‍ය දේශගුණය දක්වා දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරයි,
මෙම කඳුකර ප්රදේශය ආශ්රිතව ජනාවාස ඇති අතර එම දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන අයුරින් ඔවුනට ආවේණික සංස්කෘතියක් නිර්මාණය කරගෙන ඇත.සත්ව පාලනය මෙම ජනපද වාසින්ගේ ප්රධාන ආදායම් වන අතර ඊට අමතරව කඳු ආශ්රිතව හෙල්මළු ක්රමයට ගොවිතැන් කටයුතු සිදුකරයි ඊට අමතරව සංචාරකයින්ට මග පෙන්වීම , විසිතුරු භාණ්ඩ අලවිය සහ සංචාරකයින්ට අවශ්‍ය සේවාවන් සැපයීම තුලින්ද ඔවුන්ගේ ජීවිකාව සරිකර ගනු ලබයි,
කඳුකරයෙන් ලබා ගන්නා ලී පතුරු ,තෘණ සහ ගල් ආධාරයෙන්. තම නිවාස සකස් කරගෙන ඇත
නිම්න භූ දර්ශනය
කඳුකර භූ දර්ශනය ට වඩා හාත්පසින්ම වෙනස් වූ භූ ලක්ෂණයක් නිම්න භූ ලක්ෂණයේ පවතියි,
දකුණු ආසියාවේ පවතින සුවිශේෂීම නිම්නය ලෙස ගංගා නිම්නය හැඳින්විය හැකි අතර හැඳින්විය හැකිය
හිමාල කඳු පන්තියෙන් ආරම්භ වන මෙම ගංගා නදිය කි.මී 2510 ක් පමණ ගෙවා බෙංගාල බොක්ක ආසන්නයෙන් මුහුදට එකතු වේ, ගංගා නදීය ආරම්භයේදී කඳුකර භූ ලක්ෂණ පෙන්නුවද මධ්යම සහා පහල නිමන වන විට එයටම ආවේණික වූ භූ ලක්ෂණ පෙන්නුම් කරයි, ඒ නිසා එයටම ආවේණික මානුෂිය භූ ලක්ෂණ ද ගොඩනැගී ඇත, ගංගා නිම්න ඉහළ කොටස ඉහල කොටස ජන ජනගහනය අඩු වන අතර මධ්යම සහ පහල නිම්න ජනාකීර්ණ වී ඇත. හින්දු බෞද්ධ සහ වෙනත් පූජනීය ස්ථාන බොහොමයක් මේ නිම්නය ආශ්රිතව පිහිටා ඇති නිසා මේ තුල විවිධ වූ සංස්කෘතීන් දැක ගැනීමට හැකිය,
සාරවත් පසකින් යුක්ත මෙම නිම්න භූ ලක්ෂණය තුල කෘෂිකර්මාන්තය ප්රධානම ආදායම් මාර්ගය වේ, වී ,තිරුගු, උක් ප්රධාන වගා බෝග වන අතට සුන්දර් බාන් වගුර ආශ්රිතව ජුට් වගාවද සිදු කරණු ලබයි.
නිම්නයේ පහල කොටස අධික ජන පීඩනයකින් යුක්ත වන අතර ජල ගැලිම් සහා ජලය අපවිත්‍ර වීම හේතුවෙන් පීඩාකාරි පරිසරයක් නිර්මාණය වී ඇත.
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ4Yn6flgUBVtLh8hSn4Ufe5BFa11pjNOMXow&usqp=CAU
ග්රාමීය භූ දර්ශනය
දකුණු ආසියාවේ බහුලවම දක්නට ලැබෙන්නේ ග්රාමීය භූ දර්ශනය වේ, ශ්රී ලංකාවේ වියළි කලාපයේ භූ දර්ශනය හොඳම නිදර්ශනයක් ලෙස දැක්විය හැකිය, කෘෂිකර්මාන්තය මෙහි ප්රධාන ජිවන උපාය වන අතර වැව කේන්ද්‍ර කරගනිමින් ගම නිර්මාණය වී ඇත වී වගාව මෙහි ප්රධාන ආර්ථික භෝගය වේ.වි වගාව සිදුකල නොහැකි උස් බිම් ප්රදේශවල හේන් වගාව සිදු කෙරේ මේ තුළ ධාන්‍ය, එළවළු සහ පලතුරු වර්ග වගා කරනු ලැබේ.
ග්රාමීය ප්රදේශවල සැලසුම් සහගත නගර ඉදි කිරීම තුළින් ග්රාමීය පරිසරය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවති,
කාර්මික සහ නාගරික භූ දර්ශනය
දකුණු ආසියානු කලාපයේ භෞතික භූ දර්ශනය තුළ කාර්මික හා වාණිජ ක්රියාකාරකම් ආශ්රිතව නාගරික භූ දර්ශනය නිර්මාණය වී ඇත.මිනිසුන් ඉදි කරන ලද මාර්ග ජාල, සන්නිවේදන ජාල , පරිපාලන මධ්යස්ථාන ඉදි කළ ප්රදේශ බහුල බැවින් ජනතාව නගර කරා සංකේන්ද්රණය වී ඇත, දකුණු ආසියාවේ මුම්බායි,දිල්ලි ඉස්ලාම්බාද් කොළඹ මෙවැනි නගර සදහා උදාහරණ වේ.
නිවාස ඝනත්වය අධික වීම, අධික ජනගහනයක් වාසය කිරීම ,කර්මාන්ත සහ සේවා කටයුතු වර්ධනය වීම, සීමිත භූමි ප්රදේශයක අධික ජනගහනයක් වාසය කිරීම මෙහි ලක්ෂණ ලෙස දැක්විය හැකිය
නගරවල ඉඩම් හිගවීම , මාර්ග තදබදය , පරිසර දූෂණය ,
අඩු ආදායම් ලබන පවුල් බහුල වීම වැනි ගැටලු කාරී තත්වයන් තිබුණද අධ්යාපනය සහ සේවා පහසුකම් ඉහළ මට්ටමක තිබීම නිසා ජනතාව නගර වෙත ඇදී ඒම බහුල වී ඇත.
කාන්තාර භූ දර්ශනය
දකුණු ආසියාවේ කාන්තාර භූ දර්ශනය පිළිබඳ අධ්යනය කිරීමේ දී තාර් කාන්තාර භූ දර්ශනය වෙත අවධානය යොමුකෙරේ,
ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ පවතින රාජස්ථාන් ප්රාන්තයේ තාර් කාන්තාරය පිහිටා ඇත.
කාන්තාර භූ දර්ශනයේ කැපි පෙනන ලක්ෂණ ලෙස,
1 වැලි තලා සහිත පැතිරුණු භූමිය
2 මිලි මීටර් 250 ක් අඩු වර්ෂාව
3 අධික වාෂ්පීකරණය පැවතීම
4 අධික උෂ්ණත්වයක් පැවතීම
5 දැඩි උෂ්ණත්වය සමග පවතින වියළි සුළඟ
6 පසේ තෙතමනය ඉතාම අඩු වීම දැක්විය හැකිය
තාර් කාන්තාරය භූගත ජල ධාරාවක් ඇති ප්රදේශයක් වන අතර මෙහි ශාක වර්ධනය වන්නේ ශාක මුල් ඉතාම ගැඹුරට ගොස් ජලය උරා ගැනිමෙනි,
එමෙන් ම ගැඹුරු ළිං සාදා එම ජලයේ මිනිසුන් භාවිත කරනු ලබයි , ජල උල්පත් සහිත ක්ශේම භූමී වෙත ජනයා ඒකරාශී වී ඇති අතර එම ප්රදේශවල මෝල්ට් කපු මිල වැනි බෝග වගා කරයි , මෙය ප්රධාන ආර්ථික කටයුත්ත වන අතර ඊට අමතරව සත්ව පාලනය සිදු කරනු ලබයි
මිනිස් ක්රියාකාරකම් අතර අවිධිමත් ලෙස වගා කිරීම නිසා කාන්තාර පැතිර යාම ද සත්ත්ව පාලනයට අවශ්‍ය තෘණ වර්ග වගා කිරීම හේතුවෙන්පස නිසරු වීම ද සිදු වී ඇත.
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQds1QMbEtqgDKHUeEKVkIOBawtn6ABDp9WLg&usqp=CAU
Comments
Post a Comment